Friday, 29 March 2024

දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්ධන වැඩසටහන ඇරඹේ

Posted On Monday, 17 July 2017 04:41

“ඩෙංගු වනසමු... රටම සැනසෙමු...“  යන තේමාව යටතේ රජය විසින් ආරම්භ කර ඇති ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 351ක් අවට ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඊයේ (16) සිට ආරම්භ කෙරිණි.


එහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ   ප්‍රධානත්වයෙන්  දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල දි ඊයේ සිදුවිය.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ඉටුකල යුතු අකාරය පිළිබඳව විශේෂ චක්‍ර ලේඛයක්ද මේ වන විට දුම්රිය  සමාන්‍යධාරිකාරිවරයා විසින් සියලුම දුම්රි ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තෙව් සහ එම දුම්රිය ස්ථාන පවතින පළාත් පාලන අයතන ඒකාබද්ධව ශ්‍රමදාන  අකාරයෙන් ශුද්ධ පවිත්‍ර කිරීමෙන් අනතුරුව මහජනතාව විසින් එම ස්ථාන නැවත අපිරිසිදු කිරිම පිළිබඳව සෙයා බැලීමට විශේෂ වැඩපිළිවෙලක්ද සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන්ම දුම්රිය මගීන් දුම්රිය මාර්ගයට කැලි කසල බැහැර කිරීම නිසා දුම්රිය මාර්ගත්, දුම්රිය පරිශ්‍ර‍ය අවට ප්‍රදේශ, දුම්රිය ස්ථානත් අපිරිසිදු වන බවත් මින් ඉදිරියට දුම්රිය මාර්ගවල හා දුම්රිය ස්ථානවල තැන තැන කැලි කසල බැහැර කිරීම වරදක් සේ සැලකේ. ඒ සඳහා මගීන් හටද දඩ මුදලක් පැනවීමටත් ක්‍රියා කළ යුතු බවද අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගී වෙමින්  ප්‍රකාශ කළේය.

දුම්රිය ස්ථානවල පමණක් නොව දුම්රිය මැදිරි තුළත් දුම්රිය අංගන තුළත් ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්වීම පිළිබඳව වැඩපිළවෙළක් සැකසිය යුතු බව අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී සියලුම මාධ්‍ය ඒකරාශී වී කරනු ලබන මෙහෙවරද ඉතාමත්ම ප්‍රශංසනීය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කොටුව දුම්රිය ස්ථානයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථවට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.