Sunday, 21 January 2018

සීමිත තරග විභාගයක් ලබන 23 දා

Posted On Tuesday, 18 July 2017 05:20

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 23 වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා  සඳහන් කරයි.


දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 53කදී මෙම විභාගය පැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 6281ක් සුදුසුකම් ලබා තිබේ.

සියලුම අයදුම්කරුවන් සඳහා නව විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන්න

දූරකතන අංක - 011 2785230/ 0112177075

ක්ෂණික ඇමතුම් - 1911 ( පැය 24 පුරා)

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!