Saturday, 20 April 2024

දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්

Posted On Wednesday, 19 July 2017 05:19

දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය  කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම අද (19) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තා වේ.

දුම් රහිත දුම්කොල නිෂ්පාදන තහනම් කරමින් 2006 අංක 27 දරන පනතේ සඳහන් තහනම් දුම්කොළ පිළිබඳ නියෝගය දැඩිව ක‍්‍රියාත්මක කිරීමටයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී අධිකාරිය තීරණය කර ඇත.
මේ අනුව මාවා,  බාබුල්, හාන්ස්, පාම්පරා සහ ගුට්කා ආදී දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පැණි රස ගන්වන හෝ වර්ණ ගන්වන හෝ රස ගන්වන දුම්කොළ අඩංගු දුම්වැටි හෝ දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රොනික දුම්වැටි ද මේ යටතේ තහනම් බව එම අධිකාරිය සදහන් කරයි.
මෙම පනතේ විධි විධාන අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආහාර පරීක්ෂකවරුන්, සුරා බදු නිලධාරීන් හා පොලිස් නිලධාරීන් බලය ලත් නිලධාරින් ලෙස කටයුතු කරනු ඇත.