Thursday, 28 March 2024

පළාත් කීපයකට වැසි වාර කීපයක්

Posted On Monday, 24 July 2017 07:55

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.


නැඟෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකර ප්‍රදේශවල සහ, දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී.40-50 දක්වා තරමක් තදසුළං ඇතිවිය හැකි බවද නිවේදනයේ දැක්වෙයි.