Tuesday, 23 April 2024

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අදියර 3ක් යටතේ

Posted On Monday, 14 August 2017 08:31

අ.පො.ස. උසස් පෙළ විභාගයේ  පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අදියර 3ක් යටතේ සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.


ඒ අනුව අ.පො.ස උසස් පෙළ පළමු අදියර 2017.09.07 සිට 2017.09.20 දක්වාත් දෙවැනි අදියර 2017.09.13 සිට 2017.09.26 දක්වාත් තෙවන අදියර 2017.09.18 සිට 2017.09.29 දක්වාත් සිදු කෙරේ.

පොදු පරීක්ෂණයේ පිළිතුරු පත්‍ර ඇගයීම් 2017.09.30 සිට 2017.10.01 දක්වා සිදු කිරීමට නියමිතය.

මෙම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර දිවයින පුරඑා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 31කදී සිදු කෙරෙන අතර ඒ සඳහා ඇගයීම් මණ්ඩල 446ක් යටතේ ගුරුවරුන් 9245ක් සහභාගි වෙති.

එසේම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 40කදී 2017.08.31 දින සිට 2017.09.05 දින දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ඇගයීම් මණ්ඩල 384ක් යටතේ ගුරුවරුන් 6965ක් සහභාගි වෙති.