Friday, 29 March 2024

රාජ්‍ය ඡායාරූප උළෙල ලබන 19 දා

Posted On Tuesday, 15 August 2017 05:31

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය  එක්ව දෙවන වරටත්  සංවිධානය කරනු ලබන රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල 2017,  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනි දින  නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.  


ජිවන රටා සහ සංස්කෘතිකාංග, සොබාදහම, වනජීවි සහ භූමි දර්ශන, ජනමාධ්‍ය, ප්‍රවෘත්ති සහ ක්‍රීඩා, මංගල  අවස්ථා, යන තරඟ ඉසව් යටතේ තෝරාගත් නිර්මාණ සඳහා මෙම උළලේ දි සම්මාන ප්‍රදානය කිරිමට නියමිතය. දිවයිනනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරඟකරුවන් 634 දෙනෙකුගේ ඡායාරූප නිර්මාණ 4211 ක් මෙවර රාජ්‍ය ඡායාරූප සම්මාන තරගාවලියට ඉදිරිපත් කර ඇත.

රාජ්‍ය ඡායාරූප සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමිව මෙම  තරගාවලිය සඳහා ඉදිරිපත්ව තිබු නිර්මාණ අතරින් තෝරාගත් නිර්මාණ 150කින් සමන්විත ඡායාරූප ප්‍රදර්ශනයක් ලබන  20, 21 යන දෙදින තුළ ‍පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා  නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙන අතර   2017 යාවජීව සම්මානලාභියා ලෙස ප්‍රවිණ ඡායාරූප ශීල්පි වෛද්‍ය  ටී.එස්.යු.ද.සිල්වා මහතා ද සම්මාන ලැබීමට නිර්දේශිතය.