Friday, 29 March 2024

සැප්තැම්බර් 06 දක්වා සූර්යා සෘජුව ඉහළින් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Thursday, 31 August 2017 06:07

ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් සැප්තැම්බර් මස 01 දින සිට 02 වෙනි දින දක්වා දිවයිනේ (විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණ පළාත්වල) වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.


ඇතැම් ස්ථානවල (මි.මි.100 පමණ) තද වැසිද බලාපොරොත්තු විය හැක.

අද දිනයේ දී, දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල (මි.මි.50 පමණ) තරමක තද වැසිද බලාපොරොත්තු වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදේ කාලයේදී ද වැසි  ඇති විය හැක.


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද දින (31) දහවල් 12.11 ට කරුවලකුඩා, ඉට්ටිකුළම, නුවරවැව, මීගහදිගිලිය, කන්තලේ සහ ඉලන්කයිතුරෛ යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.