Friday, 29 March 2024

තෙවැනි පාසල් වාරය ඇරඹේ

Posted On Wednesday, 06 September 2017 05:18

2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය අද (06) න් ආරම්භ විය. ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා යොදා නොගන්නා පාසල් 05ක් හැර අනෙකුත් පාසල් මෙලෙස ආරම්භ කරයි.
 


උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් 12දා සිය තෙවන පාසල් වාරය ආරම්භ කරන අතර පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා කොටසක් පමණක් වසා තැබෙන පාසල් ද අද තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව කරයි.