Tuesday, 16 April 2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2017 අද

Posted On Friday, 08 September 2017 05:32

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2017  සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේ දී අද (8)  පැවැත්වේ.


මෙහිදී විෂය ක්ෂේත්‍රයන් යටතේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි  භාෂා ත්‍රිත්වයෙන් යුතු ස්වතන්ත්‍ර නවකතා, කෙටිකතා, පද්‍ය කෘති, යොවුන් සාහිත්‍ය කෘති, ගීත රචනා සංග්‍රහ, නාට්‍ය, විද්‍යා ප්‍රබන්ධ හා ළමා සාහිත්‍ය කෘති (මුද්‍රිත පිටු 16කට නොවැඩි විය යුතුයි), ශාස්ත්‍රීය හා පර්යේෂණ, පරිවර්තන -  නව කතා, කෙටිකතා, පද්‍ය කෘති, පරිවර්තන නාට්‍ය, ශාස්ත්‍රීය හා පර්යේෂණ හා විවිධ විෂයක ග්‍රන්ථ සඳහා සම්මාන පිරිනැමේ.

තව ද ජින් අර්සනායගම් (ඉංග්‍රීසි මාධ්‍ය), මහාචාර්ය ආරිය රාජකරුණා (සිංහල මාධ්‍ය), නීර්වේ පොන්අයියන් (දෙමළ මාධ්‍ය) යන සාහිත්‍යධරයින් සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් මෙම සම්මාන උළෙල සංවිධාන කරනු ලබයි.