Friday, 29 March 2024

සැප්තැම්බර් මස 14 දක්වා වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්

Posted On Monday, 11 September 2017 05:22

දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (11) දින සිට සැප්තැම්බර් මස 14 වන දින දක්වා බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11)නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.


දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේ දී වැසි ඇති වේ.

සමහර ප්‍රදේශවල (විශේෂයෙන් නැඟෙනහිර පළාතේත් ගාල්ල, මාතර, රත්නපුර, මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්) තරමක් තද වැසි (මි.මි. 75 වැඩි) ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.