Thursday, 25 April 2024

අද සහ හෙට වැසි තත්ත්වයේ ඉහළ යෑමක්

Posted On Monday, 25 September 2017 06:38

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද (26) සහ හෙට (27) යන දිනවල දී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක තදසුළං බලාපොරොත්තුවන අතර අද දිනයේදී ඌව සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, අම්පාර, මාතලේ, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කළ හැක.

බස්නාහිර, සබරගමුව,මධ්‍යමසහ දකුණුපළාත්වල විටින් විට වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල (විශේෂයෙන් සබරගමුව සහ දකුණු පළාත්වල සහකළුතර දිස්ත්‍රික්කයේ) තරමක තදවැසි (මි.මි. 50-75කපමණ) ඇති විය හැක.

වයඹ පළාතේ සහ මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද නිවේදනයේ  සඳහන් වෙයි.