Friday, 29 March 2024

ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹේ

Posted On Friday, 06 October 2017 05:03

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ජාතික වප්මඟුල් උළෙල "එක්ව නැඟිටිමු - අටුකොටු පුරවමු" තේමාවෙන් අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව තිබ්බටුවැව ජලාශය අසල දී ආරම්භ කෙරේ.
 


ඒ අනුව ජාතික ආහාර නිෂ්පාදන සතිය අද සිට ලබන 14දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර මෙම සතියක කාලය තුළ දිවයින ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
 
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ජනාධිපති කාර්යාලය, රේඛීය අමාත්‍යංශයන්, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා සියලු පළාත් පාලන ආයතන මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කරයි.
 
පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයේ සිදු වූ පසුබෑම නිසාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.