Friday, 19 April 2024

143 වන තැපැල් දින සැමරුම අද

Posted On Monday, 09 October 2017 05:15

එකසිය හතළිස් තුන්වන ලෝක තැපැල් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ. මෙවර ලෝක තැපැල් දින සැමරුම වෙනුවෙන් "දුම්රිය මගින් තැපැල් ප්‍රවහනය" යන තේමාව ඔස්සේ රුපියල් පහළොවක හා රුපියල් තිස්පහක් වටිනා මුද්දර දෙකක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
 


මෙවරද තැපැල්, උප තැපැල් හා අධිශ්‍රේණි තැපැල් කාර්යාල හා සේවකයන් ඇගයීමක් සිදු කරමින් කුසලාන, සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.
 
ඊට අමතරව වසර නවයකට පසු තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින අටදහස් පන්සීයක් වන තැපැල් කරුවන්ට නව පාපැදි ලබාදීමද වැඩිම ආදයම් ලබාදුන් තැපැල්කරුවන් ඇගයීමද, තැපැල් ප්‍රවහන සේවා සවිමත් කිරීම සඳහා රුපියල් මිලියන තුන්සිය විසිපහක වියදමින් වෑන් රථ හතරක් හා කුඩා කැබ්රථ දෙපාර්තමේන්තුව වෙත ලබා දීම ජනපති අතින් සංකේතවයත් අයුරින් සිදු කෙරේ. ‍
 
එමෙන්ම විද්යුත් වාණිජ(ඊ කොමර්ස්) තාක්ෂණය ඔස්සේ භාණ්ඩ ලබාගෙන බෙදාහැරීම හා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිය පුළුල් කිරීම මූලික වශයෙන් මෙදින ආරම්භ කොට ඉදිරි මාස දෙක ඇතුළතදි එය අංගසම්පූර්ණ කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව බලා පොරොත්තුවේ.
 
මෙම අවස්ථාවට සමඟාමීව පොලොන්නරුව තැපැල් සංකීර්ණයට මුල්ගල් තැබීම ද ජනපති අතින් සිදු කෙරේ.