Tuesday, 23 April 2024

දුම්රිය මඟී සේවය අඩාල කරන්න එපා - නැති නම් දැඩි ක්‍රියාමාර්ග - ප්‍රවාහන අමාත්‍ය

Posted On Friday, 20 October 2017 08:34

දුම්රිය මඟී සේවාව අඩාල නොකරන ලෙසත් එසේ නොමැති වුවහොත් දුම්රිය මඟී සේවාව පවත්වාගැනීමට දැඩි පියවර ගැනීමට සිදු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


අද රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිත දුම්රිය සේවක වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද (20)  පාර්ලිමේන්තුවේ දී කරුණු පහැදිළි කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

දුම්රිය සේවක වර්ජයට හේතුව වැටුප්වැඩි වැඩිකරගැනීමක්. ඒ පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති විරෝධයක් තිබෙනවා. මේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යාත කොමිෂන් සභාව විරෝධය පළ කර තිබෙනවා. ඒ නිසා  ගමනාගමන සේවය අඩාල කිරීමට කටයුතු කිරීම වැරදියි.

වෘත්තීය සමිති අතර ප්‍රශ්න තිබෙනවා. මේවා විසඳන්නේ කොහොමද? කාරුණිකව දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටිනවා දුම්රිය සේවාව  මඟී සේවාව අඩල කරන්න එපා. එසේ නැති නම් අපට දැඩි පියවර ගන්න සිදුවෙනවා. මඟී සේවාව යථාවත් කිරීම සඳහා. මෙවැනි වැඩවර්ජනවලින් වෙන්නේ, ජනතාව නීතිය අතට ගන්න පුළුවන්. එය හොඳ දෙයක් නොවේ, සේවයට වාර්තා කරන්න කියා ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.