Friday, 29 March 2024

රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය ලබන 28 දා

Posted On Tuesday, 24 October 2017 06:36

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2017 ලබන 28 වන දින පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 63 කදී සිංහල / දෙමළ - I / II / III / IV වන මට්ටම් යටතේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 7878ක් පෙනී සිටිති.


සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 16 වන දින තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත දුරකථන අංක මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බඩ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

 

දුරකථන අංක - 0112 78 52 30 / 0112 17 70 75

ක්ෂණික ඇමතුම් - 1911 (පැය 24 පුරා)