Thursday, 28 March 2024

සුදුසැරයටි දින ජාතික සැමරුම් උත්සවය හෙට

Posted On Tuesday, 24 October 2017 06:38

දිවයිනේ සිව්දෙසින් පැමිණෙන සුදු සැරයටි දරන්නන් 400ක් දෙනා සහභාගී වන සුදු සැරයටි දින ජාතික සැමරුම් උළෙලේ පාගමන හෙට (25)දා බත්තරමුල්ල අපේ ගම ආසන්නයේ දී පැවැත්වේ. සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මෙම ජාතික සැමරුම් උත්සවය පෙ.ව.8.30 ට බත්තරමුල්ල අපේ ගම දෙසින් ඇති පාර්ලිමේන්තු පිවිසුම දෙසින් ආරම්භ වේ .
 


අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතය.