Thursday, 25 April 2024

අවුරුදු 9කට පසු කෝච්චි පාර්සල් ප්‍රවාහන ගාස්තුව50% කින් ඉහළට

Posted On Tuesday, 31 October 2017 07:14

2008 වසරේ සිට පාර්සල් ප්‍රවාහන ගාස්තුව ඉහළ නංවා නොමැති අතර වසර නවයකට පසුව මෙලෙස ගාස්තු වැඩිවීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව වාණිජ පරමාර්ථයෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා පමණක් මෙම මිල වැඩිවීම බලපැවැත්වෙන බව එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළේය. තවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කරනුයේ අදාළ මිල වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බවයි.

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව හෙට (01) සිට ක්‍රියාත්මකයි.