Friday, 19 April 2024

අකුණුවලින් බේරෙන්නැයි අනතුරු හඟවයි

Posted On Tuesday, 31 October 2017 07:19

දිවයිනේ පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (31) දිනයේදී පවතින වැසි තත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ඟිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.


මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇති විය හැකි බව සඳහන් කරයි.

එමෙන්ම පුත්තලමේ සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදේ පැයට කිලෝමීටර් 80 දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

තවද ඟිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවේදී තාවකාලික තද සුළං හා අකුණු ඇතිවිය හැකි බැවින් එයින් සිදුවන අනතුරු අවමකර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.