Thursday, 25 April 2024

බස්නාහිර, නැගෙනහිර, ඌව, දකුණ සහ සබරගමුව පළාත්වලට තද වැසි

Posted On Tuesday, 28 November 2017 05:43

දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බැවින් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.


දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත ඇති වන බවත් සමහර ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, නැගෙනහිර, ඌව, දකුණ සහ සබරගමුව පළාත්වල මි.මී.75 -100 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන තරමක පැ.කි.මී.50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.