Wednesday, 24 April 2024

පොදු මඟී ජනතාවගේ අපහසුතාවය සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්න

Posted On Tuesday, 12 December 2017 06:52

විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී.


උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයක දී දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබඳව වඩා සැළකිලිමත් වියයුතු බැවින් සිය මානුෂීය අවධානය වගකීමෙන් ඉටුකරන ලෙස ද ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලයි.

වර්ජනයට එක්වූවන්ගේ විසඳී නැති ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බව ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි.