Saturday, 20 April 2024

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වයක්

Posted On Tuesday, 19 December 2017 05:24

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද සහ හෙට දිනයන්හිදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි තත්ත්වය වැඩි වේ.


උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.සෙසු පළාත්වල සවස 2.00 පසු තැනින්තැන වැසි හෝ ගිගිරුම්සහිත වැසි ඇති වේ.

උතුරු සහ නැගෙනහිර පළාත් වලත්පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් (මි.මි.75ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇති වියහැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.