Thursday, 28 March 2024

බොහෝ පළාත්වලට වැසි

Posted On Wednesday, 20 December 2017 09:04

දිවයින හරහා ඊසාන දිග මෝසම් ත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ බොහෝ පලාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සමහර ස්ථානවල (මි.මි.75 ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.
 


වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.