Saturday, 20 April 2024

උ/පෙළ නැවත සමීක්ෂණ අයදුම් කිරීම ලබන 15 වැනි දක්වා

Posted On Thursday, 28 December 2017 05:42

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන ජනවාරී 15 වැනිදා දක්වා අයදුම්කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පුජිත මහතා සඳහන් කරයි.


පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යවනු ලැබේ.‍

පෞද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරනු ලබන දැන්වීම් අනුව අයදුම්පත්‍ර සම්පූර්ණ කර එවිය යුතු බවත් අයදුම්පත්‍රය ශ්‍රී ලංකා විභාග දොපර්තමේන්තු නිල වෙබ් අඩවියේ ද පළ කරනු ලබන බවත්  විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් දුරකථන අංකවලට ඇමතුමක් ලබා දීමෙන් දැන ගත හැකි බවත් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව    : 0112 78 42 08 / 0112 78 45 37
                  0113 18 83 50 / 0113 14 03 14

ක්ෂණික ඇමතුම් අංකය                 : 1911