Tuesday, 23 October 2018

වැසි රහිත කාලගුණයක්...

Posted On Wednesday, 03 January 2018 05:09

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (3) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
 


කෙසේ වෙතත්, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවති.
 
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවලකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!