Thursday, 28 March 2024

ශ‍්‍රී ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා

Posted On Thursday, 11 January 2018 06:16

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
 


සාත්තු සේවිකා (Caregiver) වෘත්තිය සඳහා කාන්තාවන් 100ට අධික සංඛ්‍යාවක් සඳහා රැකියා අවස්ථා හිමිව තිබේ. මෙම ශ‍්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස රු. 135,000ක් හිමි වේ.
 
මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති රැකියා අපේක්ෂිකාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත එවිය හැකිය.
 
මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකොට ඇත. කාර්යාංශයේ 011 2791814 යන අංකයට දුරකතන ඇමතුමක් ලබාදීම මඟින්ද වැඩි විස්තර ලබාගත හැකිය.