Thursday, 28 March 2024

වැසි රහිත කාලගුණික තත්ත්වයක්

Posted On Wednesday, 24 January 2018 04:49

දිවයිනේ බොහෝ පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්,හම්බන්තොට,මාතර, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇති විය හැක.


බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්,මඩකලපුව දිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ. දිවයිනේ උතුරු පළාතේ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් බලාපොරොත්තු විය හැක. දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ කියැවෙයි.