Friday, 19 April 2024

පළාත් කිහිපයකට විටින්විට වැසි

Posted On Monday, 05 February 2018 04:59

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අනෙකුත් ප්‍රදේශවල තැනින්තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


නැගෙනහිර පළාතේ සහ මුලතිවු දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට තරමක් තද වැසි (මි.මී. 75 ක පමණ) ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.