Friday, 29 March 2024

ඡන්දය හේතුවෙන් පෙබරවාරි 09 පාසල් වැසේ

Posted On Wednesday, 07 February 2018 06:24

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලු පාසල් පෙබරවාරි 09 වන දින වසා තැබේ. මීට අමතරව තවත් පාසල් 19 ක් හා විද්‍යාපීඨ දෙකකට පෙබරවාරි මස 07, 08 සහ 09 දිනවලත් වසා තැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


වසා තැබෙන සියලු ම පාසල් හා අදාළ විද්‍යාපීඨ පෙබරවාරි 12 වන සඳුදා දින නැවත විවෘත කරනු ලැබේ.