Thursday, 25 April 2024

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ට

Posted On Monday, 19 February 2018 07:14

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත් කර තිබේ.
 


ඒ අනුව ඉදිරි වසර 05ක කාලයක් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම ධූරයේ කටයුතු කිරීමට නියමිතය.
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හෙබවූ  මහාචාර්ය අති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිගේ අපවත්වීමෙන් පසු එම ධූරය පුරප්පාඩු විය.