Wednesday, 24 April 2024

දිවයිනේ වියළි කාලගුණය හෙට සිට සුළු වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Friday, 23 February 2018 04:42

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් පෙබරවාරි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින්වැසි වාර කිහිපයක් ඇතිවේ. ගාල්ල,මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න්පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

තරමක්ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් පැවතිය හැකි අතර දිවයිනේ සමහර ප්‍රදේශවල (විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ) උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.