Tuesday, 16 April 2024

ළමා අපයෝජන පැමිණිලි භාරගන්නා 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය තවත් ශක්තිමත් කරයි

Posted On Friday, 02 March 2018 07:07

ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති කඩිනම් යාන්ත්‍රණය වන ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.


1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ 14 වන වගන්තියේ “ඔ” උප වගන්තිය ප්‍රකාරව, ළමා අපයෝජන පිළිබඳව මහජන පැමිණිලි භාරගැනීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සුවිශේෂී කාර්යභාරයක් ලෙස හඳුන්වා දී ඇත.

ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා කඩිනම් යාන්ත්‍රණය ලෙස 2010 වර්ෂයේදී ආරම්භ කරන ලද 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ක්‍රියාත්මක වේ.

දවසේ පැය 24 පුරාවට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ක්‍රියාත්මක වන මෙම ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය වෙත ඕනෑම ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් නොමිලේ ප්‍රවේශවීමේ හැකියාව ඇත.

ඒ අනුව නවීන තාක්ෂණය භාවිත කරමින්, 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර, ඒ යටතේ දැනට පවතින දුරකථන පද්ධතිය තාක්ෂණික වශයෙන් ශක්තිමත්කෙ රෙනු ඇත. එමෙන්ම එයට අනුයුක්තව කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ ශක්‍යතාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ යටතේ එම නිලධාරීන් සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පුහුණුවීම් ලබාදීමටද අපේක්ෂා කෙරේ. මේ සඳහා ජාත්‍යන්තර සංවිධාන හා සිවිල් සංවිධාන වල සහයෝගය ලබාගැනේ.

කායික, මානසික, ලිංගික හා නොසලකා හැරීම ආදී වශයෙන් ළමයින්ට සිදුවන හිරිහැර වෙතොත් ඒ පිළිබඳව 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන මෙන් සභාපතිනිය ඉල්ලා සිටියි.