Friday, 29 March 2024

ක්‍ර‍මවත් ලෙස කසල බැහැර නොකරන්නන්ට ඉදිරියේදී නීතිමය පියවර

Posted On Thursday, 15 March 2018 08:33

කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදු නොකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තා මහතා පැවසීය.


පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අමාත්‍යාශයේදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී කොළඹ නගරයේ ස්ථාන කිහිපයක මේ දිනවල මතු වී ඇති කසල බැහැර කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ මහතා ප්‍ර‍කාශ කළේ කොළඹ නගරයේ වරින් වර ඇති වන කසල බැහැර කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බවයි.

කොළඹ නාගරික කොමසාරිස්වරයා කුණු එකතු වීම සම්බන්ධයෙන් වගකිව යුතු වුවද කුණු බැහැර කිරීමේ දී මහජනතාව ද සැලකිමත් විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.