Friday, 29 March 2024

අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය

Posted On Tuesday, 27 March 2018 05:52

දිනෙන් දින වැඩිවෙමින් පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.
 


ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය වන ආකාරයෙන් සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් යුතු විශේෂ කාර්යය බලකා නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇතැයි ද මාර්ග බාධක යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුනි.
 
එමෙන් ම පොලිසිය හා එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.