Friday, 19 April 2024

දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂාවට- මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය

Posted On Wednesday, 25 April 2018 05:46

මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂා කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.


වෙසක් පෝය සමයේ පැවැත්වෙන දන්සැල් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේ ය.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කොට්ඨාශ සියල්ල ආවරණය වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවයේ යෙදී සිටියි. දන්සැල් සඳහා පූර්ව ලියාපදිංචි කිරීමක් කරගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. මේ සඳහා මුදල් අයකිරීමක් නෑ. විශේෂයෙන් ජනතාව ලබාගන්නා ආහාරයක් විෂ වීමෙන් සිදුවන රෝගී තත්ත්වයෙන් ජනතාව වළක්වාගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරෙන නමුත් කිසිම ලෙසක දන්සැල් දීම අධෛර්යමත් කිරීමක් නොවන බවත් උපුල් රෝහණ මහතා පැවසීය.

දන්සැලක් කිරීමට සංවිධාකයින්ට හැකියාවක් තිබේ ද?, ඉඩම ප්‍රමාණවත් ද, යොදා ගන්නා ජලය හා ජල මූලාශ්‍රය කෙබඳු ද? ආහාර වර්ග මොනවාද යන්න සොයා බලා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය හරහා සිදු කෙරෙනවා.

ඉදිරි දිනවල දී ක්‍රියාත්මක කෙරෙන සියලු දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සිදු කරනු ලබනවා.ලබදෙන උපදෙස් පිළිනොපදින දන්සැල් සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට හා නීතිමය කටයුතු කිරීමට සිදු වෙනවා.එබැවින් මහජන සෞඛ්‍යයට හිතකර ලෙස දන්සැල් පවත්වාගෙන යන ලෙස සංවිධයකයින්ගෙන් ඉල්ලා සිටිනවා.