Friday, 19 April 2024

වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට වැඩපිළිවෙලක්

Posted On Thursday, 26 April 2018 04:55

වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.


කොළඹ නගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් තුන්දහසක් යොදවා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරය තුළ පමණක් තෝරණ 11ක් ඇතුළුව වෙසක් කලාප 05ක් තිබෙනවා.මේවා නැරඹීමට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා අපි පොලිස් නිළධාරීන්1900ක් යොදවනවා. නිළ ඇදුමෙන් වගේම සිවිල් ඇදුමෙනුත් යොදවනවා. රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහා  නිළධාරීන් 1100ක් යොදවනවා.සමස්ථ නිළධාරින් 3000ක ප්‍රමාණයක් කොළඹ නගරය තුළ රාජකාරියේ යෙදවීමට නියමිතව තිබෙනවා. උත්සහයක් දරමු මෙවර මේ වෙසක් දින කිහිපයේදී අනතුරු අවම කරගන්න යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.