Saturday, 20 April 2024

රාජ්‍ය නර්තන සම්මාන උළෙල අදයි

Posted On Friday, 04 May 2018 05:41

රාජ්‍ය නර්තන සම්මන උළෙල අද (4) ප.ව.2.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්මන උළෙල සංවිධානය කරයි.


උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසයි.