Thursday, 28 March 2024

ලෝක තැලසීමියා දිනය අදයි

Posted On Tuesday, 08 May 2018 05:00

ලෝක තැලසිමියා දිනය (මැයි 08)  අදට යෙදි ඇත‍. තැලසිමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි.


තැලසිමියා රෝගය හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර කිරිමට රජයට විශාල පිරිවැයක් යෙදිමට සිදු වෙයි.එක් රෝගියෙක් වෙනුවෙන් රජය රුපියල් මිලියන 10ක් පමණ මුදලක් වැය කරන බවත් වාර්ෂිකව සෞඛ්‍ය අදෙපාර්තමේන්තුව 5%ක ප්‍රමාණයක් තැලසිමියා රෝගීන් සඳහා වැය වන බව වෛද්‍ය කපිල පියසේන මහතා පවසයි.

තැලසීමියා රෝගී තත්ත්වය සමාජයේ පවුල් ඒකකවල ආර්ථික තත්ත්වයට සෘජුව ම බලපායි. සමාජ මත යැපෙන පුද්ගලයින් මත යැපෙන මෙම දරුවන් ඉතා අඩු ආයුෂ කාලයක් දි මරණයට පත්වේ.

තැලසිමියා යනු රුධිරයේ රතු රුධිරාණුවල අඩංගු හිමොග්ලෝබින් අණුවේ ව්‍යුහයේ ඇති අසාමාන්‍යතාවයක් හේතුවෙන් ඇතිවන බෝ නොවන රෝගයකි.

ශ්‍රි ලංකාවේ තැලසිමියා රෝගීන් සෑම ප්‍ර දේශයක ම වාර්තා වී ඇති නමුත් වැඩි වශයෙන් රෝගින් වාර්තා වන්නේ උතුරු මැද,මධ්‍යම, ඌව, වයඹ පළාත්වලිනි.මේ වන විට නිරන්තරයෙන් රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් සංඛ්‍යාව 1500- 2000 අතර වන බවත් ලංකාවේ ජනගහනයෙන් 4%ක ප්‍රමාණයක් තැලසිමියා රෝග වාහකයින් වහයෙන් අනුමාන කර ඇති බවත් වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි.

තැලසිමියා රෝග වාහකයන් දෙදෙනෙක් අතර විවාහයෙන් ලැබෙන දරුවන් ගෙන් 25% රෝගය වැළදිමේ අවදානමක් තිබේ.

රෝගය වළක්වා ගැනීමට නම් එවැනි වාහකයින් අතර විවාහයන් වළක්වා ගත යුතු බව ද වෛද්‍ය කපිල පියසේන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.