Friday, 29 March 2024

ජාතික සංහිඳියාව මෙරට ස්ථාපිත කිරීමට ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය - දැනුවත් කිරීමේ වැඩමුළුව අදයි

Posted On Friday, 18 May 2018 07:41

ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව අද (18) පෙ.ව. 9.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවැත්වීමට නියමිතය.


මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර මහතා, ද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරක ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා මේ අවස්ථාවට සහභාගී වෙයි.