Friday, 19 April 2024

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් මාතර දී

Posted On Friday, 01 June 2018 06:15

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් පැවැත්වීමට මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සූදානම් කර ඇත.


ඒ අනුව මැයි ජුනි මස 06 වන දින පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ද, ජුනි මස 07 වන දින පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා වැලිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ද මෙම එක් දිනසේවාවන් පැවැත්වීමට නියමිත ය.

ව්‍යාපාරයට නෛතික පිළිගැනීමක් ඇතිකර ගැනීම, බැංකු ණය ලබා ගැනීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලින් සේවාවන් ලබා ගැනීම, වෙළඳපොළ පුළුල්කර ගැනීම හා ආහාර ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්ය වීම වැනි කරුණු හේතුවෙන් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ව්‍යාපාරයට උප්පැන්නයක් සේ වන හෙයින් මාතර දිස්ත්‍රික්කයේ සුළුපරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර වැඩිදියුණුකර ගැනීම සඳහා මුදල් අය කිරීමකින් තොරව නොමිලේ මෙම එක් දින සේවා පැවැත්වේ.

ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ සංකල්පයක් අනුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බව මාතර දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ සම්බන්ධීකරක මාතර දිස්ත්‍රික් ක්‍රඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ සී.ඩබ්.කේ. මණ්ඩලවත්ත මහතා පවසයි.