Thursday, 25 April 2024

ඉන්ෆ්ලුවෙන්සා සඳහා එන්නතක් භාවිතය අභියෝගයක් - විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ

Posted On Tuesday, 05 June 2018 05:18
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය රුබෙල්ලා, සරම්ප වැනි වෛරස තත්ත්වයක් නොවන බවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තම ස්වරූපය අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිර වශයෙන් ද වෙනස්කරගන්නා සුවිශේෂ වෛරස තත්ත්වයක් බැවින් ඒ සඳහා එන්නතක් භාවිත කිරීම අභියෝගයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලැබුණු සෙම් පටල අති නවීන මවුලික පරීක්ෂවලට භාජනය කිරීම හරහා ප්‍රධාන වශයෙන් ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය හඳුනාගෙන ඇති බවත් සුළු වශයෙන් RSV හා ඇඩිනෝ වෛරසය හමු වූ අවස්ථාවන් ද ඇති බව පෙන්වාදෙන වෛරස් රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙම කාලය සාමාන්‍ය වශයෙන් මෙම වෛරසය පැතිරීම සිදුවීම වසර 10ක පමණ සිට හඳුනාගෙන ඇතැයි ද පැවසීය.
 
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සෙම්පටල හොංකොං වෙත යවා ඇතැයි ද පෙන්වාදුන් ඒ මහතා මෙම වෛසරය සඳහා එන්නතක් ලබාදීමට කටයුතු කරන්නේ නම් එය වාර්ෂිකව ලබාදීමට කටයුතු කළ යුතු බවත් එන්නතක් දිය යුතුද නැද්ද යන්න සියලු ම සුවිශේෂි ලෙසින් සැලකිල්ලට ගත යුතු බවත් වැඩිදුරටත් පෙන්වා දුනි.