Tuesday, 16 April 2024

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි

Posted On Thursday, 07 June 2018 05:45

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


බස්නාහිර,සබරගමුව,දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යමපළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. දිවයින හරහා විශේෂයෙන්, දකුණු,මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.60 දක්වා තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.