Friday, 29 March 2024

භූමි තෙල් අඩුමිලට...

Posted On Wednesday, 13 June 2018 05:47

ලෝක වෙළඳපොලේ ඉහළ යන තෙල් මිලට සාපේක්ෂව පසුගිය දා 101 ශක්වා වැඩි කරන ලද භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (12) අනුමැතිය ලබා දෙන ලදී.


ධීවරයන්ගේ බෝට්ටු සහ යාත්‍රාවන්ට අවශ්‍ය ඉන්ධනයක් ලෙස භූමිතෙල් යොදාගනු ලබන අතර ධීවරයින් මෙන් ම ආලෝකය ලබාගැනීමට භූමිතෙල් භාවිතා කරන අඩු ආදායම්ලාභීන් විසින් ද කරනු ලැබූ ඉල්ලීම සැළකිල්ලට
ගනිමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එක්ව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අමාත්‍ය
මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.