Thursday, 25 April 2024

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අද ත්‍රීකුණාමලයේ දී ජනතාව හමුවෙයි

Posted On Wednesday, 13 June 2018 05:49

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ ප‍්‍රාදේශීය රැස්වීම (ජූනි මස 13) අද ත‍්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිතය.


ජනතාව සමග මෙම සංවාද වැඩපිළිවෙල මන්නාරම, මාතර හා මුලතිවු යන දිස්ත‍්‍රික්ක මුල් කර ගනිමින් 2018 මැයිමාසයේ දී දියත් කරන ලදී.

කොමසාරිස්වරු හත්දෙනාම අතුරුදහන් වූවන්ගේ පවුල්වලසාමාජිකයන්,අතුරුදහන් වූවන් පිළිබඳ කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන සහක‍්‍රියාකාරීන් මෙන්ම ජනමාධ්‍ය සමඟ ඉදිරි සැලසුම් සහ ක‍්‍රමවේදයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ව්‍යුහය හාමෙහෙයුම් කටයුතුවලට ජනතාවගේ යෝජනා ඇතුළත් කිරීමට ඒ සම්බන්ධයෙන් ජනතාඅඳහස් විමසීමත් අපේක්ෂා කෙරේ.

මෙම රැස්වීම ත‍්‍රිකුණාමලයේ හින්දු සංස්කෘතික ශාලාවේ (ඇතුළ්වරාය පාරෙහි පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලය ඉදිරිපිට) දී පැවැත්වේ.

 

වැඩසටහන මෙසේය.


පෙ. ව. 10.00 - 12.30 - ත‍්‍රිකුණාමලයේ අතුරුදහන් වූවන්ගේ සහ අතුරුදහන් කරවන ලද අයගේ පවුල් සමග සකච්ඡාව

ප. ව. 12.30 - 1.00 - මාධ්‍යය හමුව
ප. ව. 1.00 - 2.30 - සිවිල් සමාජ නියෝජිතයන් සමඟ සකච්ඡාව