Wednesday, 24 April 2024

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

Posted On Thursday, 14 June 2018 09:19

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


සබරගමුව,මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යමපළාත්වලඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක්තද වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු-මැද පළාතේත් සහ පුත්තලම, මාතලේ, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි ය.