Thursday, 28 March 2024

 

 නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ සමුළුව ඇමතීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ආරාධනයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූනි 21 වැනි බදාදා පැරීසියට පැමිණ ඇත.

ජූනි 22-23 දිනවල නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා නායක සමුළුව ජාත්‍යන්තර ප්‍රජාව අතර හරස් කලාපීය සම්මුතියක් ගොඩනගා ගැනීම සඳහා මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාවේ අත්දැකීම් පිළිබඳව  සමුළුවේ දී ජනාධිපති වික්‍රමසිංහ සාකච්ඡා කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී මුහුණ දෙන අභියෝග, ශ්‍රී ලංකාවේ අත්දැකීම් විශේෂයෙන් අදහස් දක්වන බව සැලකේ.මෑත කාලීන ණය අර්බුදයතුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ ප්‍රගතිය තේමාව යටතේ සාකච්ඡා කරන අනෙකුත් නායකයින් අතර ඇමරිකාව, ටියුනීසියාව, රුවන්ඩා, යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ දකුණ හරහා රටවල රාජ්‍ය නායකයින්ට අමතරව සංවිධාන, බහුපාර්ශ්වික මූල්‍ය ආයතන සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් සමුළුවට සහභාගී වීමට නියමිතය. ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, චීන අගමැති ලී චියැං සහ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, බාබඩෝස් අගමැති මියා මොට්ලි සහ කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ ද සමුළුවේදී කතා කිරීමට නියමිත ලෝක නායකයන් අතර සිටී.

Posted On Friday, 23 June 2023 10:48

යාත්‍රාවේ ව්‍යසනකාරී පිපිරීමකට අනුකූල" සුන්බුන්

Posted On Friday, 23 June 2023 05:39

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැරීසිය ට

Posted On Friday, 23 June 2023 05:33

සැබෑ පොදු අපේක්ෂකයා රනිල් බව නවීන් කියයි.

Posted On Thursday, 22 June 2023 09:50

ගැටුම්වලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Posted On Thursday, 22 June 2023 09:46