Thursday, 18 April 2024

අජාන් බ්‍රහ්ම හිමිගේ ගමන වැරදි ලෙස හැසිරවීම ශ්‍රී ලංකන් ප්‍රතික්ෂේප කරයි.

Posted On Thursday, 01 June 2023 15:07

කපිතාන්වරයා සහ තවත් හත් දෙනෙක් අධිචෝදනා පත්‍රයට එරෙහිව මහාධිකරණයේ මූලික විරෝධතා

Posted On Thursday, 01 June 2023 15:01

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම විධිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම ඉල්ලයි.

Posted On Thursday, 01 June 2023 14:50

නතාෂා එදිරිසූරියගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍යක්‍රියාකාරිකයෙකු වන බෲනෝ දිවාකර අද (01)කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 7 දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 
ආගමික ප්‍රජාව අතර ආගමික අසමගිය ඇති කිරීමට මග පාදා ගනිමින් ප්‍රහසන රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය විසින් ඔහුගේ‘SL Vlog’ යූ ටියුබ් නාලිකාවේ කළ අපහාසාත්මක ප්‍රකාශ සැකකාර බෲනෝ දිවාකර විසින් ප්‍රසිද්ධ කර ඇති බවට රහස්පොලිසිය චෝදනා කළේය.
ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදු දහම සම්බන්ධයෙන් අදහස් පළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විකට රංගනශිල්පිනී නතාෂා එදිරිසූරිය ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
Posted On Thursday, 01 June 2023 11:02
 දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කන්කසන්තුරේ ප්‍රදේශවාසීන්පිරිසක් සමඟ ඊයේ (31)කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළ අතර, ප්‍රදේශවාසීන්ට අයත් ඉඩම්කිහිපයක විහාරස්ථානය ඉදිකර ඇති බව ඔහු පවසයි.

 

අධිකරණ නියෝගයක් කඩකරමින් එම ස්ථානයේම විරෝධතාවයක් පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ අත්අඩංගුවට ගෙනපසුව ඇප මත මුදාහැර සිටි TNPF ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාද මෙම විරෝධතාවයට එක්වසිටියේය.

Posted On Thursday, 01 June 2023 11:00