Friday, 19 April 2024

සන්නස ක්‍රීඩා

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය 2018

Posted On Wednesday, 19 December 2018 07:58

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් පවතවනු ලැබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ විවෘත කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් විය.


එහි කාන්තා අංශයේ ශූරතාව කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජයට හිමි විය.

මෙම තරගාවලිය මහරගම තරුණසේවා ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැති අතර විවෘත කාණ්ඩ‍යේ පිරිමි අවසාන තරගය සදහා කොළඹ බලරැස ක්‍රීඩා සමාජය සහ ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය තරග වැදුණු අතර එහිදී තරගවට 3-0 ක විශිෂ්ට ජයක් සියනෑතරු කණ්ඩායමට හිමි විය.

මෙහි කාන්තා අවසාන මහා තරගය සදහා කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය සමග කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සුදුසුකම් ලැබූ නමුත්, අවසාන මහා තරගය සදහා කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සහභාගී නොවූ බැවින් කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජයට නිතරගයෙන් ජයග්‍රහණය හිමි විය.

Read 1422 times