Friday, 19 April 2024

සන්නස ක්‍රීඩා

ලසන්තිට ලක්ෂ 06 ක් වටිනා නවීනතම රේසින් පාපැදියක්

Posted On Sunday, 01 January 2017 04:26

බුලත්සිංහලදී පැවති ජාතික මහ ක්‍රීඩා උළෙලේදී කාන්තා පාපැදි නිමාවේදී අණතුරට ලක්වී තුවාල ලැබූ ප්‍රවීණ පාපැදි ක්‍රීඩිකා ලසන්ති ගුණතිලකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් (අද) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා නවීනතම රේසින් වර්ගයේ පා පැදියක් පිරිනමා තිබේ.


එහිදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ප්‍රවීණ පාපැදි ශූරියක් වන ලසන්ති ගුණතිලක හට අද දින පිරිනමන ලද නවීන රේසින් පාපැදිය භාවිතා කර රට වෙනුවෙන් අනාගතයේ තව තවත් පදක්කම් ලබා ගෙන රටට ගෞරවයක් ගෙන ඒමට ශක්තිය ලැබෙන්න යනුවෙනි.

Read 1132 times