Thursday, 25 April 2024

සන්නස ක්‍රීඩා

ලෝක ශුරයන් දිවයිනට

Posted On Tuesday, 14 February 2017 07:41

ලෝක කුසලාන සිහිනය ජයගත් ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට්  කණ්ඩායම  අද අලුයම දිවයිනට පැමිණියා.

කොළඹින් පිට ඈත ගම් දනව්වල සිටින දෘෂ්‍යාබාධිත  ක්‍රීඩකයින් ද  මෙවර ඉන්දියාවේ පැවති පන්දුවාර විස්ස දෘෂ්‍යාබාධික ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියට එක් වූයේ ලක් මවට ඉහළ ගෞරව අත්කර දීමේ අරමුණින්. 

 

ඒ  අතර මානුෂීය මෙහෙයුමේදී   ආබාධවලට ලක් වූ සෙබළුන් සිටීමද විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

 

අවසන් පූර්ව වටය දක්වා පිවිසි ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙහිදී නව ලෝක වාර්තා දෙකක් පිහිටුවීමටද  සමත් වුණා.

 

සුරංග සම්පත් ශතක 5ක් රැස් කරමින් බී තුන කාණ්ඩයේ තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ලක් මාතාවට තවත් ගෞරවයක් අත්කර දෙමින්.

Read 1097 times