Friday, Aug 29th

Last update:02:06:21 PM GMT

Headlines:
You are here: Justice සගරාව

Justice සගරාව

Justice සගරාව නැවතත්

capitalයුක්තිය නිසි ලෙස රටක ක්‍රියාත්මක වීමට නම් පුරවැසියෙකුට හිමි නිදහස, අයිතිවාසිකම් යන කරුණු පිළිබද ඔවුන්ට යම් අවබෝධයක් තිබිය යුතුය. මෙවැන්නක් ඉටු කළ හැක්කේ ඒ දැනුම පුරවැසියන් අතරට ගෙන යන මාධ්‍යයක් මගිනි.  කලකට පෙර අධිකරණ අමාත්‍යංශය මගින් සගරාවක් නිකුත් කරනු ලැබූ නමුත් ඒ කටයුත්ත පසුගිය කාලයේ ඇනහිට තිබුණි. අධිකරණ අමාත්‍යංශය යටතේ වූ හැම දෙපාර්තමේන්තුවක් මෙන්ම වෙනත් ආයතන පිළිබද තොරතුරු මෙම සගරාව මගින් ලබා දෙන ලදී.

ටික කලක් නිහඩවූ සගරාව යලිත් ජනතාව අතරට පත්කිරිමට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ගත් පියවර අනුව Justice නමැති  මෙම සගරාව දැන් නිකුත් වී තිබේ. ඔක්තෝබර් මස කලාපයේ තේමාව වී ඇත්තේ මරණීය දඩුවම පවත්වාගෙන යනවාද නැතහොත් අහෝසි කරනවාද යන්නයි.

Justice සගරාවට පණිවුඩයක් සපයන අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා මෙසේ සදහන් කර ඇත.

“අවුරුදු ගණනාවකට පසු Justice සගරාව යලි නිකුත් කිරීම ගැන මම සතුටුවෙමි. එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ මහතා එවකට තිබූ අඩුපාඩුවක් පිරිමසමින් සිය කර්තෘත්වය යටතේ මෙම සගරාව නිකුත් කරන ලදී.

සගරාවේ මූලික අරමුණ වූයේ එදිනෙදා පැන නගින ප්‍රශ්න පිළිබද නීතිවේදීන් දැනුවත් කිරීමය.

නැවත ආරම්භ කර තිබෙන සගරාවේ අරමුණ වන්නේද නීතිවේදීන් සහ සාමාන්‍ය ජනතාව අධිකරණ කටයුතු පිළිබද දැනුවත් කිරීමයි. එමෙන්ම රට ඉදිරියේ ඇති නෛතික සහ ප්‍රතිපත්ති පිළිබද යහපත් සාකච්ඡා පැවැත්වීමට හැකි සාකච්ඡා මණ්ඩපයක් ලබාදීමද මෙහි අරමුණකි.”

මේ Justice සගරාවේ ඔක්තෝබර් කලාපයෙහි එන ලිපි දෙකකි.

මරණ දණ්ඩනය ක්රිරයාත්මක නොවීම නිසා රටේ අපරාධ සීඝ්ර යෙන් වර්ධනය විය. අධිනීතීඥ එස්.එල්. ගුණසේකර විසිනි.

මරණීය දණ්ඩනය නියම කිරිම අපගේ නීතිය යටතේ අදටත් වලංගුව පවතී. එ් වෙනුවෙන් ප‍්‍රතිපාදිත නීතිද තවමත් සක‍්‍රීය නමුත්, අධිකරණය මගින් නියම කරනු ලබන සෑම මරණ දඬුවමක්ම, සිර දඬුවමකට ආදේශ කිරිමක් ලෙස ව්‍යවහාර වේ. මෙම තත්ත්වය ජනාධිපති විසින් මරණ දණ්ඩනය නීති විරෝධී ලෙස අක‍්‍රීය කිරීමකි.

මේ දුෂ්ඨ පිළිවෙත ඇරඹුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ වකවානුවේදීය.

හිතාමතා - චේතනාත්මකව කරනු ලබන මිනී මැරීම් හා ඇතැම් මත්ද්‍රව්‍ය විකිණීම - ආනයනය - අපනයනය හෝ සිය සන්තකයේ තබා ගැනීම් වැනි අති දරුණු අපරාධ වලට පමණක්, නීතිය යටතේ මරණීය දණ්ඩනය නියම කරනු ලබයි. එ් හැරුණු විට, හදිසි අවස්ථාවකදී කරන ලද අපරාධ වලට මරණීය දඬුවම අදාල නොවේ. එබැවින් හදිසි ප‍්‍රකෝප කිරීමකින් හටගත් කෝපයෙන් හෝ ආත්මාරක්ෂාවේ සීමාවන් ඉක්මවා හෝ හදිසි ගැටුමකින් හෝ කරන ලද මිනීමැරුම් වලටද - නීතිය යටතේ - මරණීය දණ්ඩනය නියම කළ නොහැක.

එසේ  කිරීමෙන් මරණීය දණ්ඩනයට භාජනය විය හැකි බව දකිමින්ම ස්වකීය පියෙවි දැනුමෙන් හා චේතනාවෙන්ම කරනු ලැබූ අති දරුණු වරදකට යම් අයෙකුට මරණ දඬුවම නියම වීම හා ක‍්‍රියාත්මක වීම නිසැකවම සාධාරණ යැයි මම විශ්වාස කරමි.

අනෙකුත් දඬුවම් හා මරණීය දඬුවම ක‍්‍රියාත්මක කිරීමෙහිලා කැපී පෙනෙන වෙනසක් පෙනේ. නිදසුනක් වශයෙන් යම් චූදිතයෙකු ස්වකීය දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් නොකරයි නම් හෝ එවැන්නක් නිෂ්ප‍්‍රභ වන්නේ නම් හෝ තීන්දු කළා වූ දඬුවම - වැඩිදුර විමසීමකින් තොරවම ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. එසේ වන්නේ සිර දඬුවම හා දඩ වැනි දඬුවම් පිළිබදවය.

එහෙත් මරණීය දණ්ඩනයේ අනුගත ක‍්‍රියාපටිපාටිය මීට එකහෙලාම වෙනස්ය.

මා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි අවධියේදී 1969-1974 අනුගමනය වූ ක‍්‍රියාපටිපාටිය මෙසේ :

යම් චූදිතයෙකුට එරෙහිව මරණ දඬුවම පැන වූ වහාම, එය ක‍්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා වෙත නඩුව මෙහෙය වූ රජයේ අධි නීතීඥවරයා විසින් සිය වාර්තාව ඉදිරිපත් කරනු ලබයි. එකී නඩුව විභාග කරන ලද විනිසුරුවරයාද එ් පිළිබඳව වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යවයි. ඉන් අනතුරුව අදාල අභියාචනයේ පෙනීසිටි අධි නීතීඥවරයාද වාර්තාවක් නීතිපතිවරයා වෙත එවනු ලබන අතර, එකී අභියාචනය විභාග කළ විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා විසින්ද වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යවනු ලබයි.

නීතිපතිවරයාද, නඩු විභාගය මෙහෙය වූ රජයේ අධි නීතීඥවරයාගේද අභියාචනයට පෙනී සිටි රජයේ අධි නීතීඥවරයාගේද වාර්තා දෙකම සලකා බලා, එකී මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න ගැන එහුගේ නිර්දේශ අඩංගු සවිස්තර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යවනු ලැබිණි.

මේ සියළු වාර්තා සලකා බලා අවසාන තීරණයකට එළඹෙන්නේ ජනාධිපතිවරයාය.

නීතියෙන් සලසා තිබුණු ක‍්‍රියාමාර්ගය මෙය වූ අතර, ඉතාම දරුණු අපරාධ කරුවන් බවට මැනවින් සනාථ වූ චූදිතයින්ට විරුද්ධව පමණක් මෙම ක‍්‍රියා මාර්ගය අනුගමනය කිරීමෙන් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක විණි.

තත්ත්වය සහමුලින්ම වෙනස් වූයේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පිවිසීමත් සමඟය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති පදවි ප‍්‍රාප්තියෙන් ඉක්බිතිව, ඔහු විසින් ”ධර්මිෂ්ඨ” යැයි හඳුන්වනු ලැබූ පුදුමාකාර ප‍්‍රතිපත්තියට අනුව සිදු වුණේ, එවකට මරණීය දණ්ඩනයට නියම වුණු එක් එක් පුද්ගලයාට අදාල නඩුව ගැන වෙන වෙනම නොවිමසා, එහෙත් සමස්ථයක් වශයෙන් සෑම මරණ දණ්ඩනයක්ම සිර ද`ුඩුවමකට පරිවර්තනය කිරීමය.

 

මේ අත්තනෝමතික ක‍්‍රියා මාර්ගය නිසා, නීතිය හා අධිකරණය ජේ.ආර්. ජයවර්ධන මගින් හෑල්ලූ වූ බව මගේ විශ්වාසයයි. මන්ද, මරණ දඬුවම තවමත් නීති පොතේ පැවතියත් රටේ විවිධ මහාධිකරණ මගින් විවිධ මිනීමරුවන් හා මත් ජාවාරම් කරුවන් වෙත පනවනු ලබන මරණ දණ්ඩන ක‍්‍රියාත්මක නොවන්නා වූ හුදු රඟපෑමට තත්ත්වයකට ලඟා වී තිබිණි.

මේ හෑල්ලූ වීම හරහා රටේ අපරාධ සීඝ‍්‍රයෙන් වර්ධනය වූ බව ද මගේ විශ්වාසයයි.

මේ තත්ත්වය අඛණ්ඩව පිරිහුණු දසාවෙන්ම ඔබ්බට ඇදී ගියේ, ඉන්පසු බලයට පත් කිසිම ජනාධිපතිවරයෙකුට හෝ, එදා ජේ.ආර්. ජයවර්ධන ගෙනා එ් දුෂ්ඨ පිළිවෙත වෙනස් කරන්නට පිට කොන්දක් හෝ අධිෂ්ඨානයක් එ් කිසිවෙකුට හෝ නොතිබූ බැවිනි.

1989 බලයට පත් ආර්. පේ‍්‍රමදාස ප‍්‍රධාන ආණ්ඩුව, 1992 දී ”අන්තරාදායක ඖෂධ ආඥ පනත” යටතේ ඇතැම් වැරදිවලට පමණක් මරණ දණ්ඩනය නියම කිරිමට ප‍්‍රතිපාදන සලසා ගත්තේ, පැවතියා වූ මරණ දණ්ඩනය කිසිදා ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක පැවති නිසාවෙනි.

මෙසේ මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක නොවන තත්ත්වයක තිබියදී වුවත් ඇතැම් වැරදි වලට මරණ දඬුවම නියම කිරීමෙන් සිදු වුනේ ‘විහිළුවක්’ යයි මම සිතමි.

අපරාධ මර්ධනය කරන්නට නම් ජනතාව අතර නීතිය හා අධිකරණය පිළිබඳ ගරුත්වයක් පැවතිය යුතුය.

පෙර ජනාධිපතිවරුනට කළ නොහැකි වූ දෙයක්, වත්මන් ජනාධිපතිවරයා විසින් ඉටු කර තිබේ. එනම් ත‍්‍රස්තවාදීන් යුධමය වශයෙන් විනාශ කිරීමයි. මෙම උදාර කර්තව්‍යය සඳහා ඔහුට පිට කොන්දක්ද, අධිෂ්ඨානයක්ද තිබී ඇති නිසා, එහෙයින් නීතියත් - අධිකරණයත් තව තවත් හෑල්ලූ වීම නවත්වා සීඝ‍්‍රයෙන් වැඩි වන අපරාධ මර්ධනයෙහිලාද හේතු වනු පිණිස, මරණීය දණ්ඩනය යලිත් නීතිය අනුව ක‍්‍රියාත්මක කිරිමට යුහුසුලූ වනු ඇතැයි මම ප‍්‍රාර්ථනා කරමි.

මරණීය දණ්ඩනය අවශ්යරද? නැද්ද?

අශක්නුකරණය : (Incapacitation), විපාක පලදීම : (Retribution), නිවර්තනය : (Deterrence), හා පුනරුත්ථාපනය : (Rehabilitation) යනුවෙන් දණ්ඩන ක්ෂේතර හ යේ වර්ග කිරීමක් දැකිය හැකියි. ඉන් නූතන සමාජයට වඩා පිළිගැනෙන, ගැලපෙන එක් කමයක් හැටියට සැලකෙන්නේ පුනරුත්ථාපනයයි. බෞද්ධ සංකල්පය නම් ආයති සංවරයෙහි පිහිටුවීමයි. සැවොම තම පණට ආදරය කරති. තම පණ කිසිවකු නැති කරතැයි බියෙන් පසුවෙති. හැමදෙන දඬුවමට බියවෙති. හැම දෙන දිවි පෙවෙතට පරිනය යකරති. ධම්මපදයේ දැක්වෙන්නේ එසේය. සෑම ආගම් ධර්ම චින්තාවකම එබඳු අදහස් පිළිබිඹු වේ. බුදුදහම කිසිසේත් පළිගැනීම, වෛරය, ද්වේශය වැනි අගතියට ගොස් කරන දඬුවම් නොපිළිගනී. මිනිසා තමන් ද උපමාකොට වැරදි සකස් කරගනිමින් ගෙවන ජීවිතය වඩාත් අගය වේ. මරණීය දණ්ඩනය පැනවීම අපරාධ අඩුකිරීමට පරකො බලම හේතුව ලෙස නූතන විද්යාඥයෝ නොපිළිගනිති. වැරදි නොකළවුන්ද පෝරකයට ගොස් ඇත. අපට එදා මෙදා තුර වැරදීම් රැුසක් සිදුවී තිබේ. මානව ශිෂ්ඨාචාරයට එබඳු වැරදීම් අතපසුවීම් බොහෝවිට සිදුවේ. එසේ නැතිනම් සිතාමතා සිදුකෙරේ. බිය ගැන්වීමෙන්, දඬුවම්කිරීමෙන්, තහංචි පැනවීමෙන් සියල්ලම විසඳා ගත හැකියයි සැම දෙයක්ම වසා තැබිය හැකියැයි සිතනු ලබන ආකල්පය නූතන ලෝකයේ තාක්ෂණික විද්‍යාත්මක ජනමාධ්යස විපරිණාමය ඉදිරියේ වඩාත් අභියෝගයට ලක්ව ඇත්තකි. සංස්කෘතික මිනිසා, ශිෂ්ඨාචාරික මිනිසා, ශීලාචාර මිනිසා යනුවෙන් පද යොදමින් දෙපා සතා වන මිනිස් සත්ත්වයා අපි සමාජානුයෝජනය කරමින් සිටිමු. එහිදී ම්ලේච්ඡු, හිංසා පීඩාකාරී, තිරිසන් කරිා  යා පිළිවෙත්හි නිරතවීම උදාර මනුෂ්ය ත්වයට නිගා දෙන්නකි. සියළුම මනුෂ්ය යෝ සාපේක්ෂව සිතින්, කයින්, වචනයෙන් අපුමාණ වැරදි නොකරත්ද? එහිදී වඩාත් වැදගත්වන්නේ සාමජහානිය බව සැබෑය. මිනීමරුවකු අප විනාශ කරන්නේ කුමන අදහසින්ද යන්න මෙහිදී වැදගත්ය. පලිගැනීම සඳහා බිය නිසා ද්වේශය කරනකොට මිනීමරුවකු පවා විනාශයට පත් නොකරන්නේ නම් මනුෂ්යමත්වයේ උදාරත්වය එහිදී පිළිබිඹුවෙයි. අප යමෙකු විනාශ කරන්නේ සිටින අයගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ද? මිනීමැරුමකින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුල්වලට වන්දිගෙවන්නට ඝාතකයාව ඝාතනය කල යුතුද? අතැම් රටවල මේ ගැන විකල්ප කරිේ  යාමාර්ග ගෙන තිබේ.

නීතිය සකසා ඇත්තේ කවුරුන්ද? කුමක් සඳහාද? හැමවිටම කුඩා බලැති කණ්ඩායමකගේ අවශ්ය තාවට නොවේදැයි සී. රයිට් මිල්ස් වැනි උගතුන් පර කුශ්න කර ඇත. එවැනි බලධාරිත්වයක් ඇති කුඩා කණ්ඩායම් පොදු මහජනතාව තලා පෙලා බලයේ ආධිපත්යටයේ රැුඳී සිටිමින් පොදු දේපල අයුතු සහගත ලෙස පරිභෝජනය කරන්නේ නම් එම කරා බමය නීතියේ කවර සාධාරණත්වයක් ද? බුදුගුණලංකාරයේ දැක්වෙන පරිදි අප මුතුන්මිත්තන් පිළිගන්නේ වරදේ පරනීතමාණයට දඬුවම් නියම කිරීමයි.මල සිඳෙන තරමට - දවන රන් සේ ගිනිකොටකළ වරද පමණට - දෙවනි සන්තාප රජු දන හටයනුවෙන් පවසන්නේ එම අදහසයි. ඇත්ත වශයෙන් අත් පා සිඳදැමීම හා මරණයට පත්කිරිම හත්ථ පාදච්ෙඡ්දන ඝාතන කරිඅ  යාත්මක නොවීය.

මේවා භාවිතයට පැමිණියේ පසුකාලීනවය. ඔබගේ වටිනා දරුවන් කෙරෙහි පිළිපැදිය යුතු ලෙස ඔබ ඔවුන් වැදගත් පුද්ගලයින් බවට හරවා ගන්නා අදහසින් කරුණාවෙන් දඬුවම් කළ යුතුයැයි නාගර්ජුනවාදයේ පවසති.

සමාජ විද්යාඬ හා මානව විද්යා් ආචාර්ය, ජ්යෙ ෂ්ඨ කථිකාචාර්ය පරයා්නීත් අභේසුන්දර